Friday, November 5, 2010

ආහාර විශ්වීය මාර්ගයක් ලෙස......


අභ්‍යාස අංක 01.

යම් ස්ථානයක නිශ්චලව වාඩිවෙන්න.
ශරීරයේ ඉරියව් නිශ්චල කරන්න.
ශරීරයේ අභ්‍යන්තරයට සිත යොමු කර ශරීර අභ්‍යන්තරය නිශ්චල කරන්න.
මනස සිතුවිලි වලින් තොර කරන්න.
මෙසේ බාහිරව, අභ්‍යන්තරිකව නිශ්චල වන්න.
ඇස් වලින් ඔබට එක් දෙයක් නොව පෙනෙන සේ තබා ගන්න.
කණ සියල්ල ඇසෙන සේ තබා ගන්න.
ස්පර්ශය සියල්ල දැනෙන සේ තබා ගන්න.


සිරුර නිශ්චිත අරමුණු වලට පමණක් හුරු කල තත්වය ඉක්මවීමට මෙම උත්සාහය දැරීමෙන් හැකිවේ. සෑම දෙයක් තුලින්ම ගලා යන, නැවත නැවත වෙනස් වීමක් බව, තමාවම පවා වෙනස් වීමක් ලෙස අත්විඳිය හැකි වනු ඇත.

Monday, October 4, 2010

නව සෞඛ්‍යමය ජීවිතයකට කටු සටහනක්.

හැඳින්වීම.

සමාජයක වෙසෙන මිනිසුන් බහුතරයකගෙන් ඉතා සුළු පිරිසක් පමණක් තමන්ගේ 'ශරීරය සහ සෞඛ්‍යය' (Body and Health) අතර සම්බන්ධයක් ගොඩ නගා ගැනීමට සහ ක්‍රියාකාරී මැදිහත්වීමක් ගොඩනගා ගැනීමට සමත්වෙති. එයට අමතරව වෙනත් වෛද්‍ය විද්‍යාවක් පිළිබඳව විශ්වාසය අවිඥාණිකව තැබීමට හුරුවී සිටිති.



සෞඛ්‍යය ගැන යමෙකුට සිතීමට, සැලකිලිමත් වීමට අවශ්‍ය වූ විට එම ඥාණවිභාගය බොහෝ විට තීරණය කරනුයේ සමාජයේ අධිපති කතිකාව විසිනි. බටහිර වෛද්‍ය විද්‍යාව ලංකාවේ සමාජගත වීමට ප්‍රධාන පසුබිම සකසනුයේ ලංකාවේ පාසැල් ආකෘතිය තුළ උගන්වනු ලබන ස්වභාවික විද්‍යාවන් (Natural Science), මගිනි. ශරීරය පිළිබ බටහිර සිතීම් පද්ධතියක්, ක්ෂුද්‍රජීවී  ලෝකය ආදී ජීව ලෝකය පිළිබඳ ක්‍රියාකාරීත්වයත්, ජෛව රසායන (Bio Chemistry) පිළිබඳ මූලික අවබෝධයත් මෙම පසුබිම සපයයි. මෙම සන්දර්භය තුළ විද්‍යාත්මක (Scientific) යන වචනය පෙරදැරි කරගෙන සෞඛ්‍යය උදෙසා වෙළඳපලකරණ වූ ඒකීය වෛද්‍ය විද්‍යා ක්ෂේත්‍රයක් බිහිවෙමින් පවතී. 

භාවනාව

ඉන්දියාවේ සිට චීනයට බුදු දහම පැමිණෙයි. වඩා ආධ්‍යාත්මික වූ සමාජ පරිසරයක සිට වඩා ලෞකික වූ සමාජ පරිසරයකට පැමිණි බුදු දහම මුලින් එහි මුල් ඇද්දේ නැත. පසුව එය නව අයුරකින් එහි ස්ථාපිත වුණි.


ගල් ගුහා වල, විශාල රුක් මුල් වල භාවනා කරන ඉන්දියාවේ මෙන් නොව චීනයේ මිනිසුන් තම එදිනෙදා දිවිය තුළදී භාවනාව තමන්ගේ ජීවිතයට යොදා ගන්නා ලදී.

ඉන්දියාවේ සිට චීනයට ඉන්දීය සටන් කලාව රැගෙන ගිය බෝධි ධර්ම (Bodi-Dharma-චීන බසින් තාමෝ) නෙල්ලි ගෙඩියක් අතට ගෙන එහි සමස්ථ විශ්වයම දකින බැව් ප්‍රකාශ කළහ.

Thursday, September 16, 2010

සටන් කලාවක අසිරිය

සෑම ගොනෙකු සහ අශ්වයකුම උපදින්නේ නිදහස්ව ය. නමුත් දක්නට ලැබෙනුයේ ලණු සහිතව ය. චීන දාර්ශනික ලා ඕ සූ (Lao tzu) එසේ පවසා තිබේ. 

චීන සටන් කලාව දාර්ශනික ලෙස  හරයාත්මක ගැඹුරක සිට අධ්‍යයනය කරන්නට යන්නෙකුට මින් උගත හැකි දේ ඉමහත්ය. සොබා දහම සහ සංස්කෘතිය (Nature and Culture) ගොනුන් සහ අශ්වයින් උපදින  විට නිදහස් වේ. නමුත් ඔවුන්ට ලණු වැටෙනුයේ මිනිසා ඔවුන් මත ක්‍රියා කිරීම නිසාය. ඔවුන්  නිදහස්ව ඉපදීම අපට සොබා දහම (Nature) ලෙසත් මිනිසාගේ මැදිහත් වීම නිසා බැමි ඇති වීම  සංස්කෘතිය (Culture) ලෙසත් වටහා ගත හැකිය.

Wednesday, September 15, 2010

භාවනාව (Meditation)



මාළුවෙක් දැලකින් අල්ලා ගත හැකිය. දුවන කොටියෙකු පවා උගුලක් අටවා අල්ලා ගත හැකියි. නමුත් මකරෙකු අල්ලා ගත නොහැකියි. ශක්තිය එක් තැන් කළ විට අකුණු  සහ වැස්ස  සමඟ මකරා පෙනී සිටී. ශක්තිය ඉවත් කළ විට මකරා අදෘෂ්‍යමාන වෙයි.

ප්‍රශ්නය: භාවනාව (Meditation) යනු කුමක්ද?


පිළිතුර: භාවනාව යනු මාර්ගයකි. එය තාඕ (Tao) වේ. එයට ඉලක්කයක්   නැත. එය ඉලක්කයක් නැති මාර්ගයකි.

මාස්ටර් හායිඩෙංග් සහ පික්සු පොරවල්



ෂඔලින් ආරාමයේ සිට මදුරු කොයිල් දක්වා.....


මෑතක් වෙනතුරුම ලංකාවට නම් ගලාගෙන ආවේ බටහිරින්. ඒ සාහිත්‍ය, දේශපාලනය, සිනමාව යනාදී විෂයන් අදාල කරගෙන. නමුත් දැන් දැන් චීනය දෙසිනුත් අපේ කතිකාවන් තුළට අලුත් නම් ඇතුළුවෙමින් පවතිනවා. මේ දවස් වල අලුතින්ම ඇතුළුවුන නම "මාස්ටර් හායිඩෙංග්". ඒ වූෂු සටන් කලාවට අදාලව. පහුගිය දවස් වල ඔබ දකින්න ඇති මේ නම පදනම් වෙච්ච පත්තර අතිරේක සහ බිත්ති පදාස පුරා ඇලවූ පෝස්ටර්. කවුද මේ මාස්ටර් හායිඩෙංග්? අපි පොඩ්ඩක් ඔහු ගැන විමසල බලමු.

Monday, September 13, 2010

මේ නින්ජාවරුන්ගේ ලෝකයයි.

නින්ජිට්සු


නිෂ්ශබ්දතාවයෙන් යුතු පරිසරයකට යන්න. විශාල ශබ්දයන් අතහරින්න. ඉතා සියුම් ශබ්ද වලට සවන් දෙන්න. කුඩා පළඟැටියන්, කුඩා කෘමීන් දහස් ගණනකගේ හඬ ඔබට  ඇසෙන්නට පටන් ගනීවි. ශබ්ද දහසක හඬක් ඔබේ මනස උත්පාදනය කරාවි. ඉතා සියුම් ශබ්දයක් ඈතින් එන අයකුගේ කුඩා ශබ්දයක්, ඈතින් එන අයෙකුගේ කුඩා ශබ්දයක්, පිය සටහනක් ඔබේ මනසින් අවබෝධ කරාවි. දුර ප්‍රමාණය, පුද්ගලයාගේ ස්වභාවය, එය ඔබට උගන්වාවි.

මේ නින්ජාවරුන්ගේ ලෝකයයි.........