Tuesday, December 27, 2016

සියලූ සටන් කලාවන් මානව වර්ගයාගේ උරුමයයි - මාස්ටර් සෝන්ග්

පසුගිය දා ලංකාවට පැමිණි මාස්ටර් හන් ජින් සෝන්ග් පාරම්පරික චීන වුෂූ දක්ෂතාචිගොන් දක්ෂතා,චීන වෛ කලා දක්ෂතා පිළිබඳ වැඩමුළුවකට සහභාගි වුණා. මාරවිල ප‍්‍රදේශයේ පැවැති මෙම වැඩමුළුවට සියයකට ආසන්න පිරිසක් සහභාගි වී තිබුණා. වුෂූ ඒසියා සංවිධානයේ ප‍්‍රධාන උපදේශක ශාන්ත ප‍්‍රනාන්දු මහතාගේ ආරාධනාවකට අනුව ලංකාවට පැමිණි මාස්ටර්වරයෙකු වූ සෝන්ග් මහතා  ඕස්ටේ‍්‍රලියාවේ ද ඉහළ පිළිගැනීමකට ලක් වූ අයෙක්. ශාන්ත ප‍්‍රනාන්දු මහතාගේ ගුරුවරයකු වූ ඒ මහතා මෙරට ජනතාව වෙනුවෙන් කළ පළමු මැදිහත් වීම මෙයයි. පුහුණු කාලය අතරතුර සත්හඬ ඔහු සමඟ පිළිසඳරක යෙදුණා.
චීනය පසුබිමේ ගොඩනැගුණු චිගොන්ග් කලාවවුෂූ කලාව සහ වූෂූ ක‍්‍රීඩාවචීන වෛද්‍ය කලාවගැන කතා කරන්න කලින් අපට කියන්න බොහෝ අය චෝදනා කරනවා චීනය ලෝක ආර්ථිකය යටත් කර ගන්න යනවා,ඒ වගේම චීනය ලෝකය සංස්කෘතිකව යටත් කර ගැනීමට යනවා කියල. ඔබ මේ පිළිබඳ සිතන්නේ කුමක්ද?
ලෝකය ආක‍්‍රමණය කරල යටත්විජිත හදාගෙන ලක්ෂ ගණනින් මරල දාල සොබාවික සම්පත් සහ තවත් වටිනා දේවල් කොල්ල කෑවේ කවුද කියන එක ලෝක ඉතිහාසය පරීක්ෂා කර බැලූ විට ඔබට පෙනෙයි. එතැන චීනය සිටියේ නැහැලෝකයේ වෙඩි බෙහෙත්රොකට් තාක්ෂණයමුලින්ම සොයා ගත්තේ චීනයේනමුත් ඔවුන්ට ආක‍්‍රමණශීලී මනසක්කොල්ල කෑමේ මනසක් තිබුණේ නැහැ. ඒක අදටත් අදාළයි.
ආර්ථිකය ගෝලීයව වර්ධනය වූ අවධියේ නිදහස් වෙළෙඳපොළ ආර්ථිකයක් උදෙසා නිෂ්පාදනය කිරීමට  ඕනෑම රටකට පුළුවන්අධික චීන ජනගහනය සහ ශ‍්‍රමිකයන් මඟින් නිෂ්පාදනයට දායක වීමත් මහා චීන ශ‍්‍රම බළකායට රැකියා සම්පාදනය කිරීමටත් චීනයට රටක් ලෙස කරන්න සිදු වෙනව. මේ තත්ත්වය ඔබේ රටටත් අදාළයි. මෙම ක‍්‍රියාකාරිත්වය තුළ චීනයට පවතින සාපේක්ෂ වාසිය මඟින් චීන ආර්ථිකය වර්ධනය වෙනවා. මේ තත්ත්වයට යම් විරෝධයක් ඇති අය තමයි චීනය ආර්ථික පාර්ශ්වයෙන් ලෝකය යටත් කර ගන්න යනවා කියන්නේ. චීනයේ මැදිහත් වීම නව යටත් විජිතවාදය තුළ සලකා බැලීමේ හැකියාවක් තියෙනවා.