Thursday, September 16, 2010

සටන් කලාවක අසිරිය

සෑම ගොනෙකු සහ අශ්වයකුම උපදින්නේ නිදහස්ව ය. නමුත් දක්නට ලැබෙනුයේ ලණු සහිතව ය. චීන දාර්ශනික ලා ඕ සූ (Lao tzu) එසේ පවසා තිබේ. 

චීන සටන් කලාව දාර්ශනික ලෙස  හරයාත්මක ගැඹුරක සිට අධ්‍යයනය කරන්නට යන්නෙකුට මින් උගත හැකි දේ ඉමහත්ය. සොබා දහම සහ සංස්කෘතිය (Nature and Culture) ගොනුන් සහ අශ්වයින් උපදින  විට නිදහස් වේ. නමුත් ඔවුන්ට ලණු වැටෙනුයේ මිනිසා ඔවුන් මත ක්‍රියා කිරීම නිසාය. ඔවුන්  නිදහස්ව ඉපදීම අපට සොබා දහම (Nature) ලෙසත් මිනිසාගේ මැදිහත් වීම නිසා බැමි ඇති වීම  සංස්කෘතිය (Culture) ලෙසත් වටහා ගත හැකිය.

Wednesday, September 15, 2010

භාවනාව (Meditation)



මාළුවෙක් දැලකින් අල්ලා ගත හැකිය. දුවන කොටියෙකු පවා උගුලක් අටවා අල්ලා ගත හැකියි. නමුත් මකරෙකු අල්ලා ගත නොහැකියි. ශක්තිය එක් තැන් කළ විට කුණු  සහ වැස්ස  සමඟ මකරා පෙනී සිටී. ශක්තිය ඉවත් කළ විට මකරා අදෘෂ්‍යමාන වෙයි.

ප්‍රශ්නය: භාවනාව (Meditation) යනු කුමක්ද?


පිළිතුර: භාවනාව යනු මාර්ගයකි. එය තාඕ (Tao) වේ. එයට ඉලක්කයක්   නැත. එය ඉලක්කයක් නැති මාර්ගයකි.

මාස්ටර් හායිඩෙංග් සහ පික්සු පොරවල්



ෂඔලින් ආරාමයේ සිට මදුරු කොයිල් දක්වා.....


මෑතක් වෙනතුරුම ලංකාවට නම් ගලාගෙන ආවේ බටහිරින්. ඒ සාහිත්‍ය, දේශපාලනය, සිනමාව යනාදී විෂයන් අදාල කරගෙන. නමුත් දැන් දැන් චීනය දෙසිනුත් අපේ කතිකාවන් තුළට අලුත් නම් ඇතුළුවෙමින් පවතිනවා. මේ දවස් වල අලුතින්ම ඇතුළුවුන නම "මාස්ටර් හායිඩෙංග්". ඒ වූෂු සටන් කලාවට අදාලව. පහුගිය දවස් වල ඔබ දකින්න ඇති මේ නම පදනම් වෙච්ච පත්තර අතිරේක සහ බිත්ති පදාස පුරා ඇලවූ පෝස්ටර්. කවුද මේ මාස්ටර් හායිඩෙංග්? අපි පොඩ්ඩක් ඔහු ගැන විමසල බලමු.

Monday, September 13, 2010

මේ නින්ජාවරුන්ගේ ලෝකයයි.

නින්ජිට්සු


නිෂ්ශබ්දතාවයෙන් යුතු පරිසරයකට යන්න. විශාල ශබ්දයන් අතහරින්න. ඉතා සියුම් ශබ්ද වලට සවන් දෙන්න. කුඩා පළඟැටියන්, කුඩා කෘමීන් දහස් ගණනකගේ හඬ ඔබට  ඇසෙන්නට පටන් ගනීවි. ශබ්ද දහසක හඬක් ඔබේ මනස උත්පාදනය කරාවි. ඉතා සියුම් ශබ්දයක් ඈතින් එන අයකුගේ කුඩා ශබ්දයක්, ඈතින් එන අයෙකුගේ කුඩා ශබ්දයක්, පිය සටහනක් ඔබේ මනසින් අවබෝධ කරාවි. දුර ප්‍රමාණය, පුද්ගලයාගේ ස්වභාවය, එය ඔබට උගන්වාවි.

මේ නින්ජාවරුන්ගේ ලෝකයයි.........

Friday, September 3, 2010

වූෂූ සහ ජීවිතය



'මිනිසා ජීවිතය ගැන පවා දන්නෙ ටිකකි.
   මරණයෙන් එහාගැන සිතන්නේ මන්ද?'
"කොන්ෆියුසියස්"

 'බඳුනක ඇති ජලයට ඇඟිල්ලෙන් පහරක් දෙන්න. පැන නගින ජල බුබුල ජීවිතය බඳුය. ඇඟිලි පහර දිව්‍ය ලෝකයේ (විශ්වයීය ස්වභාවය) ශක්තිය  (Yang) ද ජල බඳුන පෘථිවිය (සමාජ ස්වභාවයේ) ශක්තිය (Yin) ද නිරූපණය කරයි.'
"තාඕ දහම"