අප ගැන

චීන සටන් කලාව වූෂු (Wushu) ලෙස හැඳින්වේ. මෙම කලාව චීන පාරම්පරික වෙදකම (Traditinal Chience Medicine) සමඟ සමීප සම්බන්ධතාවයක් දක්වයි. මෙම සටන් කලාව පසු කාලීනව ශාරීරික සෞඛ්‍ය, විමුක්තිය සොයා යෑම, මානසික නිශ්චලතාවය, ගුණගරුක භාවය වැනි ගුණාංගයන් සමඟ බැඳෙමින් මුල් කාලීනව තිබූ පරමාර්ථ වලින් ඉවත් වන්නට විය. මිනිසෙකුට තම ජීවිතය සාර්ථක කර ගැනීමට අවශ්‍ය වන කායික හා මානසික දක්ෂතා සහිත ජීවී පරිනාමික ක්‍රියාවලියකට පසුව සටන් කලාව පත් විනි.



සටන් කලාවන්හි මුල් කාලීන අවධිය දැනට ලාංකික ජන සමාජයේ දක්නට ලැබේ. සටන් කලා ශිල්පීන් දැඩිව අවධාරණය කරනුයේ සටනයි. එම තත්වයෙන් මිදී සටන් කලාවේ උතුම් පරමාර්ථ කරා යා යුතු කාලය දැන් එළඹ තිබේ. සටන් කලාව පිළිබඳ ඇති සමාජීය විකෘතිමය තත්වය හේතුකොට ගෙන අප සමාජය සටන් කලාවන් ප්‍රතික්ෂේප කරයි.

සටන් කලාවේ උතුම් පරමාර්ථය සාක්ෂාත් කොට සමස්ථ ලාංකික ජන සමාජය කායික හා මානසික සංවර්ධනයට ලක් කොට අන්තර් සමාජ සම්බන්ධතා වලට මඟ පෙන්වීමේ අරමුණින් "සමස්තලංකා වූෂු සහ චිගොන්ග් සංසදය" බිහි කෙරිනි. විවිධ හැල හැප්පීම් වලට ලක් වෙමින් වුවද පරමාර්ථ සාක්ෂාත් කර ගැනීමට නොනැවතෙන ගමනක යෙදෙන අප සංසදය සමඟ සබැඳෙමින් සටන් කලාවේ ප්‍රතිලාභ ලබා ගැනීමට ඔබ සැමට අපි ආරාධනය කරමු.