Monday, October 4, 2010

නව සෞඛ්‍යමය ජීවිතයකට කටු සටහනක්.

හැඳින්වීම.

සමාජයක වෙසෙන මිනිසුන් බහුතරයකගෙන් ඉතා සුළු පිරිසක් පමණක් තමන්ගේ 'ශරීරය සහ සෞඛ්‍යය' (Body and Health) අතර සම්බන්ධයක් ගොඩ නගා ගැනීමට සහ ක්‍රියාකාරී මැදිහත්වීමක් ගොඩනගා ගැනීමට සමත්වෙති. එයට අමතරව වෙනත් වෛද්‍ය විද්‍යාවක් පිළිබඳව විශ්වාසය අවිඥාණිකව තැබීමට හුරුවී සිටිති.



සෞඛ්‍යය ගැන යමෙකුට සිතීමට, සැලකිලිමත් වීමට අවශ්‍ය වූ විට එම ඥාණවිභාගය බොහෝ විට තීරණය කරනුයේ සමාජයේ අධිපති කතිකාව විසිනි. බටහිර වෛද්‍ය විද්‍යාව ලංකාවේ සමාජගත වීමට ප්‍රධාන පසුබිම සකසනුයේ ලංකාවේ පාසැල් ආකෘතිය තුළ උගන්වනු ලබන ස්වභාවික විද්‍යාවන් (Natural Science), මගිනි. ශරීරය පිළිබ බටහිර සිතීම් පද්ධතියක්, ක්ෂුද්‍රජීවී  ලෝකය ආදී ජීව ලෝකය පිළිබඳ ක්‍රියාකාරීත්වයත්, ජෛව රසායන (Bio Chemistry) පිළිබඳ මූලික අවබෝධයත් මෙම පසුබිම සපයයි. මෙම සන්දර්භය තුළ විද්‍යාත්මක (Scientific) යන වචනය පෙරදැරි කරගෙන සෞඛ්‍යය උදෙසා වෙළඳපලකරණ වූ ඒකීය වෛද්‍ය විද්‍යා ක්ෂේත්‍රයක් බිහිවෙමින් පවතී. 

භාවනාව

න්දියාවේ සිට චීනයට බුදු දහම පැමිණෙයි. වඩා ආධ්‍යාත්මික වූ සමාජ පරිසරයක සිට වඩා ලෞකික වූ සමාජ පරිසරයකට පැමිණි බුදු දහම මුලින් එහි මුල් ඇද්දේ නැත. පසුව එය නව අයුරකින් එහි ස්ථාපිත වුණි.


ගල් ගුහා වල, විශාල රුක් මුල් වල භාවනා කරන ඉන්දියාවේ මෙන් නොව චීනයේ මිනිසුන් තම එදිනෙදා දිවිය තුළදී භාවනාව තමන්ගේ ජීවිතයට යොදා ගන්නා ලදී.

ඉන්දියාවේ සිට චීනයට ඉන්දීය සටන් කලාව රැගෙන ගිය බෝධි ධර්ම (Bodi-Dharma-චීන බසින් තාමෝ) නෙල්ලි ගෙඩියක් අතට ගෙන එහි සමස්ථ විශ්වයම දකින බැව් ප්‍රකාශ කළහ.