Monday, October 4, 2010

භාවනාව

න්දියාවේ සිට චීනයට බුදු දහම පැමිණෙයි. වඩා ආධ්‍යාත්මික වූ සමාජ පරිසරයක සිට වඩා ලෞකික වූ සමාජ පරිසරයකට පැමිණි බුදු දහම මුලින් එහි මුල් ඇද්දේ නැත. පසුව එය නව අයුරකින් එහි ස්ථාපිත වුණි.


ගල් ගුහා වල, විශාල රුක් මුල් වල භාවනා කරන ඉන්දියාවේ මෙන් නොව චීනයේ මිනිසුන් තම එදිනෙදා දිවිය තුළදී භාවනාව තමන්ගේ ජීවිතයට යොදා ගන්නා ලදී.

ඉන්දියාවේ සිට චීනයට ඉන්දීය සටන් කලාව රැගෙන ගිය බෝධි ධර්ම (Bodi-Dharma-චීන බසින් තාමෝ) නෙල්ලි ගෙඩියක් අතට ගෙන එහි සමස්ථ විශ්වයම දකින බැව් ප්‍රකාශ කළහ.




ඔබ සෙන්  (Zhen or Chan) ඉගෙනීමට පෙර කඳු කඳු විදිහට දකියි. සෙන් ඉගෙන ගන්නා විට දී කඳු කඳු  ලෙස නොදකියි. සෙන් ඉගෙනගත් පසු කඳු කඳු විදිහට දකියි.




මෙම භාවනාව ජීවිතයේ සියළු අවස්ථා විනි විදින්නේය. සෑම තැනක්ම පැහැදිලිව පෙන්නුම් කරන්නේය. ඔබව මනුෂ්‍යයෙකු බවට එය පෙරලනු ලබන්නේය.

භාවනාවට අරමුණක් පැහැදිලිව තිබිය යුත්තේය. ඔබ කියවන මෙම පත්තර  කඩදාසිය දෙස බලන්න.

මෙම කඩදාසිය ඔබ ඉදිරියේ පවතියි. එහි පැවැත්ම ඔබ දකියි. එය දෙස හොඳින් බලන්න. එය තුළ ඔබට වලාකුළු පෙනේද?

නැත ඔබට නොපෙනෙයි.



බැලීම ගැඹුරු කළ යුත්තේ ය.




ඔබ ඉදිරියේ ඇති මෙම කඩදාසිය ඔබ ඉදිරියේ පැවැත්මට ශාඛ තිබිය යුතුය. එම ශාඛ පැලවීමට වර්ෂාව අත්‍යාවශ්‍ය ය. වර්ෂාව වලාකුළු වලින් වියුක්ත කල නොහැක.


කඩදාසියේ මේ මොහොතේ පැවැත්ම ශාක වල පැවැත්මෙන් ද, වර්ෂාවේ පැවැත්මෙන් ද, වලාකුළු වල පැවැත්මෙන් ද වෙන් කළ නොහැකිය. ඇත්තේ තනි පැවැත්මක් නොව අන්තර් පැවැත්මකි.

භාවනා කළ යුත්තේ මෙම අන්තර් පැවැත්මයි. මෙසේ බලන විට කඩදාසිය තුළ සූර්යයා ද, හමා යන සුළං ද, මහා පෘථිවිය ද දක්නට ලැබෙනු ඇත.

මුළු සොබා දහමම එහි වියුක්ත තනි පැවැත්මකින් තොරව අන්තර් පැවැත්මක් ලෙස කඩදාසිය තුළ ඔබ දකිනු ඇත.

තව දුරටත් භාවනා කළ යුත්තේය. ගස් කපා කර්මාන්ත ශාලාවට ගෙන යා යුත්තේය.

එතන මිනිසෙක් සිටී.

එම මිනිසා ආහාර ගත යුතු වෙයි.

 


එම ආහාර මව හෝ බිරිඳ සකස් කොට දිය යුතු වෙයි. 

මෙම ආහාර ගොවීන්ගේ ජීවිත සමඟ සබැඳෙයි.

එවිට කඩදාසිය තුළ මිනිසුන් පෙනෙන්නට ගනියි. ඔවුන්ගේ ජීවිත අන්තර් පැවැත්මක් ලෙස කඩදාසියේ මේ මොහොතේ පැවැත්මට උදව් වෙයි. කඩදාසියේ පැවැත්ම වියුක්ත පැවැත්මක් නොවේ. එය අන්තර් පැවැත්මකි. අන්තර් පැවැත්ම භාවනා කළ යුත්තේ ය.

  

භාවනාව පටන් ගත යුත්තේ ආහාර ගන්න විටය. ඔබේ බත් පිඟාන තුලින් පටන් ගන්න. එය ඔබ අසල පවතී.
බලන්න බත් වලින් ද, කැරට් වලින් ද, මාළු වලින් ද එය වෙන් කල නොහැක්කේය. එය ඔබේ අම්මාගෙන් ද තාත්තාගෙන් ද වෙන් කළ නොහැක්කේය.

එසේම කැරට් ගොවීන්ගෙන් ද, ඒවා ප්‍රවාහනය කළ මිනිසුන්ගෙන් ද, ඒවා වෙළඳසැල් වෙත ඔසවා ගෙන නාට්ටාමිවරුන්ගෙන් ද වෙන් කළ නොහැකිය.


එසේම බත් වී ගොවීන්ගෙන් ද, වී සහල් කල මිනිසුන්ගෙන් ද, ඒවා ඔබ වෙත රැගෙන ආ මිනිසුන්ගෙන් ද , ඔවුන්ගේ පවුල් වලින් ද වෙන් කළ නොහැක.


එසේම මාළු මුහුදෙන් ද, ධීවරයින්ගෙන් ද, ඔබ වෙත එය රැගෙන මිනිසුන්ගෙන් ද වෙන් කළ නොහැක්කේ ය.

බත් පිඟාන ඔබ ඉදිරියේ පැවැතීමට දායක වූ දහසක් පැවැතුම් ඔබ භාවනා කළ යුත්තේ ය. බත් පිඟාන වියුක්ත පැවැත්මක් නොවේ ය.


බත් පිඟාන සූර්යයාගෙන් ද, පෘථිවියෙන් ද, සුළඟින් ද, වලාකුලෙන් ද වෙන් කළ නොහැක්කේ ය. එසේම දහසක් මිනිසුන් ගේ ශ්‍රමයෙන් ද වෙන් කළ නොහැක්කේ ය.


සාපේක්ෂ වීමට වියුක්ත කර ගත යුත්තේ ය. අන්තර් පැවැත්මක් සහිත වන විට වියුක්ත පැවැත්මකින් ශුන්‍ය වන්නේ ය.


සියල්ල චලනය වෙමින් පවතී. වියුක්ත පැවැත්මක් යනු අල්වා ගැනීමකි. අන්තර් පැවැත්මකට පැමිණි විට වියුක්ත පැවැත්මකින් ශුන්‍ය වන්නේ ය.




සුජීව අශෝක
රොහාන් මුතුමාල
මෙම ලිපිය  'පාරාදීසය' සඟරාවේ 1999 මැයි කලාපයේ පලවූ ලිපියකි.






මෙම ලිපිය උපුටා ගැනීමේදී සමස්ත ලංකා වූෂු සහ චිගොන්ග් සංසදයේ බ්ලොග් අඩවියෙන් උපුටා ගන්නා ලද බව සඳහන් කිරීමට කාරුණික වන්න. එසේම වෙනස් අර්ථයන් ඇති වන සේ මෙම ලිපි වල කොටස් උපුටා පළ කිරීමෙන් වලකින්න.

No comments:

Post a Comment