Tuesday, December 27, 2016

සියලූ සටන් කලාවන් මානව වර්ගයාගේ උරුමයයි - මාස්ටර් සෝන්ග්

පසුගිය දා ලංකාවට පැමිණි මාස්ටර් හන් ජින් සෝන්ග් පාරම්පරික චීන වුෂූ දක්ෂතාචිගොන් දක්ෂතා,චීන වෛ කලා දක්ෂතා පිළිබඳ වැඩමුළුවකට සහභාගි වුණා. මාරවිල ප‍්‍රදේශයේ පැවැති මෙම වැඩමුළුවට සියයකට ආසන්න පිරිසක් සහභාගි වී තිබුණා. වුෂූ ඒසියා සංවිධානයේ ප‍්‍රධාන උපදේශක ශාන්ත ප‍්‍රනාන්දු මහතාගේ ආරාධනාවකට අනුව ලංකාවට පැමිණි මාස්ටර්වරයෙකු වූ සෝන්ග් මහතා  ඕස්ටේ‍්‍රලියාවේ ද ඉහළ පිළිගැනීමකට ලක් වූ අයෙක්. ශාන්ත ප‍්‍රනාන්දු මහතාගේ ගුරුවරයකු වූ ඒ මහතා මෙරට ජනතාව වෙනුවෙන් කළ පළමු මැදිහත් වීම මෙයයි. පුහුණු කාලය අතරතුර සත්හඬ ඔහු සමඟ පිළිසඳරක යෙදුණා.
චීනය පසුබිමේ ගොඩනැගුණු චිගොන්ග් කලාවවුෂූ කලාව සහ වූෂූ ක‍්‍රීඩාවචීන වෛද්‍ය කලාවගැන කතා කරන්න කලින් අපට කියන්න බොහෝ අය චෝදනා කරනවා චීනය ලෝක ආර්ථිකය යටත් කර ගන්න යනවා,ඒ වගේම චීනය ලෝකය සංස්කෘතිකව යටත් කර ගැනීමට යනවා කියල. ඔබ මේ පිළිබඳ සිතන්නේ කුමක්ද?
ලෝකය ආක‍්‍රමණය කරල යටත්විජිත හදාගෙන ලක්ෂ ගණනින් මරල දාල සොබාවික සම්පත් සහ තවත් වටිනා දේවල් කොල්ල කෑවේ කවුද කියන එක ලෝක ඉතිහාසය පරීක්ෂා කර බැලූ විට ඔබට පෙනෙයි. එතැන චීනය සිටියේ නැහැලෝකයේ වෙඩි බෙහෙත්රොකට් තාක්ෂණයමුලින්ම සොයා ගත්තේ චීනයේනමුත් ඔවුන්ට ආක‍්‍රමණශීලී මනසක්කොල්ල කෑමේ මනසක් තිබුණේ නැහැ. ඒක අදටත් අදාළයි.
ආර්ථිකය ගෝලීයව වර්ධනය වූ අවධියේ නිදහස් වෙළෙඳපොළ ආර්ථිකයක් උදෙසා නිෂ්පාදනය කිරීමට  ඕනෑම රටකට පුළුවන්අධික චීන ජනගහනය සහ ශ‍්‍රමිකයන් මඟින් නිෂ්පාදනයට දායක වීමත් මහා චීන ශ‍්‍රම බළකායට රැකියා සම්පාදනය කිරීමටත් චීනයට රටක් ලෙස කරන්න සිදු වෙනව. මේ තත්ත්වය ඔබේ රටටත් අදාළයි. මෙම ක‍්‍රියාකාරිත්වය තුළ චීනයට පවතින සාපේක්ෂ වාසිය මඟින් චීන ආර්ථිකය වර්ධනය වෙනවා. මේ තත්ත්වයට යම් විරෝධයක් ඇති අය තමයි චීනය ආර්ථික පාර්ශ්වයෙන් ලෝකය යටත් කර ගන්න යනවා කියන්නේ. චීනයේ මැදිහත් වීම නව යටත් විජිතවාදය තුළ සලකා බැලීමේ හැකියාවක් තියෙනවා.

එතකොට සංස්කෘතික ආක‍්‍රමණය ගැන කීවොත්මොකද අපේ ප‍්‍රධාන මාතෘකාව චීන සංස්කෘතියට අදාළ කාරණාවන් සමඟ බැඳෙනවා?
අපි වුෂූ ක‍්‍රීඩාව ලෝකයට ඉදිරිපත් කරන විට කීවේ කුමක්දවුෂූ ආරම්භ වූයේ චීනයේ. නමුත් එය අයිති මුළු ලෝකයටයි.
අපි ඉන් අදහස් කරන්නේ සරල දෙයක්. ලෝකයේ තියෙන අනෙක් ශ්‍රේෂ්ඨ සංස්කෘතීන් ඉන්දියානු මහා ශිෂ්ඨාචාරයබටහිර ශිෂ්ඨාචාරයවගේ චීන මහා සංස්කෘතිය තුළ මානව උරුමයට එකතු කළ යුතු විශිෂ්ඨ දේවල් නිපදවෙලා තිබෙනවා. දැනට ලෝක සෞඛ්‍ය සංවිධානය පිළි අරගෙන තියෙනවා චීන පාරම්පරික වෛද්‍ය ක‍්‍රමය අතුරු ආබාධ නැති ප‍්‍රධාන වෙදකම බව. ඉතින් මෙම වෛද්‍ය ක‍්‍රමය අද දවසේ චීන මහා සංස්කෘතියේ මානවයාට ලැබුණු උරුමයක්. මේක ඉපදුනේ අපේ සංස්කෘතිය තුළයි. නමුත් මේක මානව උරුමයක්. චීන සටන් කලාව,චිගොන්ග් අභ්‍යාස කලාවනිල සම්භාහන කලාවමේ සියල්ල මානව වර්ගයාට අපේ සංස්කෘතියෙන් ලැබුණු උරුමයන්.
ඔබ කියන්නේ මේ ශ්‍රේෂ්ඨ ශිෂ්ඨාචාරවල සංස්කෘතීන්එකතුවෙලා නව මානව සංස්කෘතියක් සකස් විය යුතුයි කියලද?
පැහැදිලිවම ඔව්.
කුමක්ද එතකොට මේ සංස්කෘතික ආක‍්‍රමණය කියන්නේ?
ජාතික දේශපාලනය තෝරාගෙන ඉන්න දේශපාලකයන්ට ලෝකය පෙනෙන්නේ ඔහොමයි. ඔක්කොම හතුරෝ. අපේ දේ උදුර ගන්නට ආපු අය. එතකොට මේ ලෝකය සමඟ ගනුදෙනු නවත්වලා දාල තනියම ගොඩ නැගෙන්න පුළුවන්නේ. මේක ජාතිකවාදය ප‍්‍රධාන කර ගත් අයට අනුභූතිකව ගොඩ නැගෙන මායාවක්,
අපි ඔබ පැමිණි කාරණය කතා කරමුකුමක්ද මේ හෙල්ත් චිගොන්ග් (Health Qigong) කියල කියන්නේ?
චී (qi) කියල කියන්නේ ප‍්‍රාණය එහෙමත් නැතිනම් ජීවය ඇති කරවන ගුණය. නැත්නම් ශක්තිය. ගොන්ග් කියල කියන්නේ අභ්‍යාස නැත්නම් ව්‍යායාම කියන එක අපේ ශරීර වල ජීව ගුණය - ප‍්‍රාණවත් බව ඇති කරවනු ලබන ව්‍යායාම. කියන එක තමයි ගැඹුරු අර්ථය. මානවයා වයසට යන විට එයාගේ ජීව ගුණය පිරිහෙනවා. අකාලයේ ජරාවට පත් වනවා. ජීවිත කාලය කෙටි වනවා. ඉතින් චිගොන්ග් කියල කියන්නේ ජීව ගුණය වැඩි කරලා අකාලයේ ජරාවට පත්වීම අඩු කරලා ජීවිත කාලය දිර්ඝ කිරීමට චීනය පාවිච්චි කර ව්‍යායාම ක‍්‍රමයක්.
හෙල්ත් චිගොන්ග් කියන්නේ සෞඛ්‍ය ආරක්ෂා කරනු ලබන චිගොන්ග් කියන එකද?
 ඔව්චීනයේ බොහෝ පළාත්වල බහුතරයක් දෙනා තම ස්වභාවය පවත්වා ගැනීමට පුහුණුවන අභ්‍යාස තමයි හෙල්ත් චිගොන්ග් කියල කියන්නේ. සටන් කලාවටවෛද්‍ය කලාවටආධ්‍යාත්මික හැකියාවන් දියුණු කිරීමට චීනය තුළ චිගොන්ග් පාවිච්චි කරනු ලබනව.
චිගොන්ග්වල පදනම ගැන කතා කලොත්?
බටහිර මිනිසා ශරීරය තේරුම් ගන්නේ පටක ගොඩක් විදියට. නමුත් චීන මිනිසා ශරීරය කියල පිළිගන්නේ පටක ගොඩක එකතුවක් ලෙස භෞතික ශරීරයත්ශක්ති එකතුවක් ලෙස ශක්ති ශරීරයත් යන ශරීර දෙකේ අන්තර් සම්බන්ධයක් ලෙසයි. භෞතික ශරීරය පුරා ලේ ගලා යනවා. (සංසරණය වෙනවා) ශක්ති ශරීරය පුරා ජීව ශක්තිය චී ගලා යනවා (චී සංසරණය) ඉතින් චීන මිනිසා හදුන්වනවා ශක්ති ශරීරය අසමබර වීම තුළින් තමයි අසනීප ආරම්භ වෙන්නේ කියල. රෝග නිධානය තියෙන්නේ එතනයි. මෙම අසමබරතාව භෞතික ශරීරය සමඟ බැඳී භෞතික ශරීරය රෝග ලක්ෂණ පෙන්නුම් කරනවා චිගොන්ග් අභ්‍යාසවලදී කරන්නේ දිනපතා නිතරම ශක්ති ශරීරය ක‍්‍රමාණුකූල කිරීමයි. මින් සිද්ධ වෙන්නේ ශරීරය රෝග හේතුව නම් කාලයේ දී මැදිහත් වීමයි. මෙය චීන පාරම්පරික වෛද්‍ය කලා පුහුණුවේ ඉතා වැදගත්.
වුෂූ පරිහානියට ගිහින්ද?
නැහැ. නමුත් එය යම් සීමාවලට ඇවිත්. වූෂූ කියන්නේ සටන් කලාවක්. ඒක සටන් කලා වටිනාකම්වලින් වෙනස් කරලා එහි ක‍්‍රීඩා ගුණයක් වැඩි කිරීම නිසා එහි සීමාන්වන් ගිලිහිලා තියෙන්නේ. මෙය නරකක් නොවෙයි පාරම්පරික ජීව ගුණ මේ ක‍්‍රීඩාව තුළින් පවා අනෙක් ක‍්‍රීඩා කිරීම තුළින් ලබා ගත නොහැකි ප‍්‍රතිලාභ ලැබීමේ හැකියාව තියෙනවා.
පාරම්පරික වුෂූ කලාවේ වැදගත් කම කුමක්ද
සටන් කලා වටිනාකම්සහ ආචාර ධාර්මික වටිනාකම්. සහ ශරීර පරිවර්තන වටිනාකම්කලාත්මක වටිනාකම් සහ මව් ක‍්‍රීඩා වටිනාකම් ආදී වටිනාකම් රාශියක් එම කලාව සමඟ තිබෙනවා. ජීවිතයේ ප‍්‍රගතිය අවශ්‍ය අයට එම ගුණයන් මේ සංස්කෘතික ගොඩනැංවීම්වල තිබෙනවා.
ලංකාවේ චිගොන්ග් ඉගෙන ගන්නා අයගේ ස්වභාවය ගැන කතා කළොත්?
මගේ පුහුණු මැදිහත් වීම තුළ ගොඩක් අය කළේ මාව වීඩියෝ කර ගැනීමට උත්සාහ කිරීමනැත්නම් වෙබ් අඩවි ගැන දැන ගැනීමට උත්සාහ කිරීමමම කියන මිනිසා ඉන්න විට එයාලා මට වඩා වීඩියෝවක් විශ්වාස කරන බවක් පෙණුනා. මෙයාලා ජනප‍්‍රිය සංස්කෘතියට ඇතුල් වෙලා. බොහෝ අයට ගැඹුර ඉගෙන ගැනීමට වෙන්නේ නැහැ. අපේ රටේ දී මිනිසෙකු ගෙන් තවත් මිනිසෙකුට මේ ගැඹුර සම්පේ‍්‍රක්ෂණය කරනවා. නමුත් මේ ජනප‍්‍රිය සංස්කෘතියේ ගිලීමේ ලක්ෂණ අපේ රටෙත් තියෙනවා. අලූත් පරම්පරාව තමයි මේ තත්ත්වයට පත් වෙලා තියෙන්නේ ඔවුන්ට චීන පාරම්පරික සංස්කෘතිය ගැන ගැඹුර අඩුයි. එම වටිනාකම් ජීවිතයට එක් කර ගැනීම අඩුයි. මේක අපි තේරුම් ගත යුත්තේ සංස්කෘතික ආක‍්‍රමණයක් ලෙස නොවෙයි. එය සංකීර්ණ මාතෘකාවක් ලෙස අරගෙන සලකා බලන්න  ඕන කාරණාවක්.
බොහෝ රටවල පරිපාලන ගැටලූ තියෙනවාගොඩක් ක්ෂේත‍්‍රවල ඒ පිළිබද ඔබේ අදහස?
ඔව්. සමාජ උවමනාවන්ට වඩා පෞද්ගලික උවමනාවන් මත වැඩ කරන මිනිසුන් ඉන්නවා. ඒක සාමාන්‍ය දෙයක්. බොහෝ දේවල් කාලය විසින් වෙනස් කරාවි. අවශ්‍ය වන්නේ ප‍්‍රමාණයට වඩා ගුණාත්මක බව වැඩි කිරීමයි. එවිට මිනිසුන් වෙනස් විදිහට වැඩ කරාවි.
ලංකාවේ ඔබ දුටු දේවල් සහ ඒ පිළිබඳ ඔබේ තේරුම් ගැනීම කොහොමද?
ලංකාවේ විනය අඩුයිපාරේ වාහන පැදවීමේ තත්ත්වයේ ඉඳල ඉගෙන ගැනීම දක්වා දුටු දේවල් විනයානුකූල ශිෂණයකින් නොවෙයි සිදු වෙන්නේ. විනයානුකූල ශික්ෂණය දියුණු විය යුතුයි. ගොඩක් දේවල් කරන්නේ විලාසිතා විදිහට. විශ්ලේෂණ හැකියාව අඩුයි. විශ්ලේෂණය අඩු සමාජයකට අනාගතයක් නැහැ. චීනයේ තත්ත්වය වෙනස්. සෑම දේම විශ්ලේෂණ මත සිදු වෙනව.
ලංකාවේ මිනිසුන්ගේ ගතිගුණ පිළිබඳ ඔබේ අදහස?
ඒ පිළිබඳ සතුටුයි. හැමෝම සිනා වෙලා ඉන්න මිනිස්සු හැටියට එකිනෙකාට සලකන්න වුවමනායි. එකිනෙකාට සලකන ගුණය තියෙනවා. ඒ පිළිබඳ මට සතුටුයි. තමන් ගැන වගේම අනුන් ගැන හිතන්න හැකියාවක් තියෙනව නම් වඩා හොඳයි.
ලංකාවේ සමාජයට ඔබ දෙන පණිවිඩය කුමක්ද?
ඉතාම වැදගත් දෙයක් තමයි මුදල්වලට උදව් කළ හැකි සීමාවන් තිබෙන බව. චීන මහා සංස්කෘතියේ තිබෙන බොහෝ දේ මුදල්වලට එහා ගිය තැනකින් ඔබට උදව් කරාවි. ඔබේ ජීවිතය රැක ගන්න ඔබේ විනාශයට පත් වුණ ඉන්ද්‍රියන් යළි ප‍්‍රකෘති කරගන්නඅකාලයේ ජරාවට පත් වීම වළක්වා ගන්නජීවිත කාලය දීර්ඝ කර ගන්න,කායික ශක්තීන් ඉහළ තලයකට ගෙන එන්න මානසික ශක්තීන් නිර්මාණශීලීව දියුණු කර ගන්න යනාදියට මෙම දක්ෂතා ඔබට උදව් කරාවි. තමන්ගේ පැවැත්ම ගැන පමණක් නොසිතා අනෙක් මිනිසා ගැනත් සිතන්නමේ කලාවන් ප‍්‍රබලව බලපාන බව ඔබ තේරුම් ගන්න. මේ සඳහා සමාජය පුහුණු කිරීම වැදගත්. එය ලාංකේය සමාජයට තේරුම් කිරීම වැදගත් එවිට සමාජයේ හැමෝගෙම අනාගතය පවතින තත්ත්වයට වඩා යහපත් කරගන්න පුළුවන්.
සංවාදය - අරුණ බණ්ඩාර

No comments:

Post a Comment