Friday, November 5, 2010

ආහාර විශ්වීය මාර්ගයක් ලෙස......


අභ්‍යාස අංක 01.

යම් ස්ථානයක නිශ්චලව වාඩිවෙන්න.
ශරීරයේ ඉරියව් නිශ්චල කරන්න.
ශරීරයේ අභ්‍යන්තරයට සිත යොමු කර ශරීර අභ්‍යන්තරය නිශ්චල කරන්න.
මනස සිතුවිලි වලින් තොර කරන්න.
මෙසේ බාහිරව, අභ්‍යන්තරිකව නිශ්චල වන්න.
ඇස් වලින් ඔබට එක් දෙයක් නොව පෙනෙන සේ තබා ගන්න.
කණ සියල්ල ඇසෙන සේ තබා ගන්න.
ස්පර්ශය සියල්ල දැනෙන සේ තබා ගන්න.


සිරුර නිශ්චිත අරමුණු වලට පමණක් හුරු කල තත්වය ඉක්මවීමට මෙම උත්සාහය දැරීමෙන් හැකිවේ. සෑම දෙයක් තුලින්ම ගලා යන, නැවත නැවත වෙනස් වීමක් බව, තමාවම පවා වෙනස් වීමක් ලෙස අත්විඳිය හැකි වනු ඇත.




මෙම පුහුණුව විධිමත්ව කරන්නේ කවුරුන් වුවද ඔහු තමන් ශක්ති ප්‍රවාහයක් තුල සිටින බව ද, එම ප්‍රවාහය තමන්ගෙන් වියුක්ත නොවන බවද, තමන් පවා එම ශක්තිය බවද අත් විඳිනු ඇත. 


(සැ.යු. මෙම අභ්‍යාසය ආරම්භ කිරීමට පෙර තමන්ගේ සිත තම ශරීරයේ පෙකනියෙන් පහළට ඇඟිලි දෙකක් පහළ ස්ථානයකට යොමු කර තබා ගත යුතුයි. එම ස්ථානය චීන පාරම්පරික වෛද්‍ය කලාවේ  Dan Tian නම් නිලස්ථානයයි)  


තමන් පංචේන්ද්‍රියන්ගෙන් වෙන් වෙන්ව සංඥා ගැනීම නිසාත්, එය ශරීරය සමඟ විවිධ කතිකාමය සම්බන්ධතා හරහා ගැනීමත් නිසා පහල වන මනස නම් තත්වය මින් අඩු වී යයි. නැතිවී යයි. මෙම තත්වය තුල ඔබට යම් තරමකට ඔබේ විශ්වයීය ස්වරූපය (Universal Being) අත්දැකීමක් කරගත හැකි වනු ඇත.

විශ්වයේ පවතිනුයේ චලනයයි. මෙම චලනය චීන මනුෂ්‍යයින් තේරුම් කරනුයේ දිව්‍ය ලෝකය ( Heven - විශ්වය), සමාජය (Earth - පෘථිවිය) සහ මිනිසා (Man - මිනිස් ක්‍රියාකාරීත්වය) අතර අන්තර් සම්බන්ධයක් වශයෙනි.

අභ්‍යාස අංක 02

සෑම තැනම නිරීක්ෂණය කරන්න. 
සූර්යාලෝකය හොඳින් වැටී ඇති අන්දම නිරීක්ෂණය කරන්න.
එම වස්තුවල එක පැත්තක් ආලෝකමත්ව ද, 
තවත් පැත්තක් අඳුරුව ද දක්නට ලැබේ.
වතුර භාජනයකට ගලක් දමන්න.
යම් ජල ප්‍රමාණයක් ඉහල නගිනු ඇත. 
චුම්භකයක් ගෙන නිරීක්ෂණය කරන්න.
එහි උතුරු සහ දකුණු ධ්‍රැවයන් දක්නට ලැබෙනු ඇත.
මිනිසා ජීව විද්‍යාත්මකව ද්විත්වයකට බෙදී ඇත.
ශක්ති පරිණාමනයේදී මෙම ද්විත්ව ස්වරූපය දක්නට ලැබේ.











































මෙම ද්විත්ව ස්වරූපය විශ්ව චලන ක්‍රියාදාමය තේරුම් ගැනීම යින්ග් යාන්ග් න්‍යායෙන් (Yin Yang Theory) දැක්වේ. මෙය ශාස්ත්‍රාලීය ගොඩනැංවීමකට වඩා ප්‍රායෝගික ගොඩනැංවීමක් බව වටහා ගැනීම ඉතා වැදගත් වේ.

I.   එකිනෙකට ප්‍රතිවිරුද්ධ වූ බලයන් දෙකක් Yin සහYang ලෙස හැඳින් වේ.
II.  මෙම බලයන් එකිනෙක එකට පවතියි.

III.මෙම බලයන් යින් (Yin-නිශ්ක්‍රීය-මෘදු) සහ යාන්ග් (Yang-සක්‍රීය-රළු) ලෙස හැඳින්වෙන අතර යාන්ග්    තුල යින් ද, යින් තුල යාන්ග් ද අන්තර්ගත වේ.


විශ්වීය ප්‍රපංච එකිනෙක මත ක්‍රියා කිරීම මෙමගින් පැහැදිලි කෙරෙයි.

මෙම යින් සහ යාන්ග් (Yin and Yang) සමබරතාවයේ පවතියි. ශරීරයද මෙම සමබරතාවයේ පවතියි. YingYang බවට ද, Yang Yin බවට ද පත්වෙයි.

ශරීරය ද, විශ්වය සමග (ශරීරයේ විශ්වයීය ස්වරූපය) Yin Yang සමබරතාවය තුල පවතියි. මෙම සමබරතාවය විවිධ විශ්වයීය ස්වරූපයන් (උදා:-දේශගුණය, විෂබීජ) නිසා සැම විට වෙනස් වෙමින් පවතී. මෙම වෙනස් වීම් නැවත නැවත සකස් කිරීමට විවිධ ක්‍රියාමාර්ග භාවිතා කළ හැක.

ස්වරූපය තේරුම් ගෙන ගොඩ නංවා ඇති ව්‍යායාම.

I.   ඉරියව්ව
II.  මානසික තත්වය
III. ස්වසනය 
                         යන කාරණා 03 මත රඳා පවතියි.

ස්වරූපය මත ජීවන ශෛලිය (Life Style) ශරීරයට ඇතුලත් කරනු ලබන ආහාර ශරීරයේ ස්වභාවය, සමතුලිතතාවය ඇතිකරවන සේ ගැනීම චීන ආහාර සංස්කෘතියේ ප්‍රධාන හරයයි.


ශරීරයට ගනු ලබන ආහාර පිළිබඳව අද පවතින සිතීම ප්‍රධාන ලෙස ගොඩනංවනුයේ කාබෝහයිඩ්‍රේට්, ප්‍රෝටීන්, ලිපිඩ, මේද, අම්ල, ඛණිජ ලවණ, විටමින් ආදී ආහාරයේ සංයුතිය මත පදනම් වෙමිනි. නමුත් මෙම ආහාර සහ ශරීරය අතර සම්බන්ධය ශරීරයේ වෙනස් වන තත්වයන් අනුව ගොඩනැංවීමක් නොවේ.

චලනය වන ශරීරයේ මේ මොහොතේ පවතින තත්වය සහ සමබරතාවය මත පදනම්ව ආහාර ගැනීම Yin Yang ක්‍රමයට ආහාර ගැනීමයි.



අභ්‍යාස 03

ආහාර ගැනීමට යාමේදී ශරීරයේ Yin Yang ස්වරූපය මූලිකව වටහා ගත යුතුය. එය පහත වගුවෙන් තේරුම් ගත යුතුය.


 (චීන වෛද්‍ය කලාවේදී අසමබරතාවය - රෝගී වීම ලෙස සැලකෙයි. එම නිසා අසමබරතාවය ඇති නොවන සේ සහ නැතිවූ සමබරතාවය වර්ධනය වන සේ ආහාර ගත යුතුය.)


ශරීරය අසමබරතාවයක් රෝගී වී ඇත යන්න ලෙස සලකා පහත සටහන සකසා ඇත. මෙහිදී Yin අසමබරතා සහ Yang අසමබරතා Yin and Yang Diseases ලෙස කොටස් 02 කි.

ඉහත වගුවේ විවිධ කාරණා සැලකිල්ලට ගත් විට ශරීරයේ සහ ස්වභාවය වටහා ගත හැකිය. 










මින් පසු ආහාර වල Yin සහ Yang ස්වභාවය වටහා ගත යුතුවේ.

(මෙහිදී වටහා ගත යුත්තේ Yin සහ Yang වීම එකිනෙකට සාපේක්ෂ දෙයක් බවයි.)



I. ලුණු සහ ලුණු දැමූ ආහාර විශාලව    Yang වේ.   සීනි සහ සීනි දැමූ ආහාර විශාලව  Yin වේ.

II. ප්‍රෝටීන් සහිත ආහාර විශාලව Yang වේ. කාබෝහයිඩ්‍රේට් සහ මේද අඩංගු  ආහාර විශාලව Yin වේ.

III. සත්ව උපතක් සහිත ආහාර සාමාන්‍යයෙන් Yang වේ. සමහරක් අනෙක්වාට වඩා yang වේ. හරක් මස් 
      - එළු මස්, කුකුල් මස් සහ ඌරු මස් වලට වඩා Yang වේ. මාළු වර්ග සැලකූ විට සමහරක් මාළු වර්ග    
      විශාලව Yang වන අතර බොහෝ මාළු වර්ග Yin ස්වරූපයට වඩාත් කිට්ටු ය.


IV. එළවළු මූලයන් සහිත ආහාර සාමාන්‍යයෙන් Yin වේ. සමහර ආහාර අනෙක්වාට වඩා Yin වේ. පළතුරු 
     සහ කොළ එළවළු ආහාර වැඩි ප්‍රෝටීන් ප්‍රමාණයක් සහිත රනිල කුලයේ එළවළු වලට වඩා Yin වේ.


V.  උණුසුම් පරිසරයක (Yang) වැවෙන එළවළු සාමාන්‍යයෙන් වේ. ශීතල පරිසරයක (Yin) වැවෙන එලවළු
     සාමාන්‍යයෙන් වේ.

VI. පැළෑටියක් කඳ කොටස Yang වන අතර මුල කොටස Yin වේ.  



VII. එළවළු වල බාහිර කොටස් Yin වන අතර අභ්‍යන්තර කොටස් Yang  ය.



VIII. අම්ල සහිත ආහාර Yang වේ.
   

IX.    අමු ආහාර සාමාන්‍යයෙන් Yin වන අතර පිසූ ආහාර    වඩා Yang වේ.
 X.  
සිසිල් බීම Yin වන අතර උණුසුම් බීම Yang වේ. ඇල්කොහොල් අඩංගු ආහාර සහ බීම වර්ග
        අත්‍යාවශ්‍ය ලෙසම Yang  වේ.සාමාන්‍යයෙන් Yin අසමබරතාවයන්ට Yang ආහාර ද, Yang
        අසමබරතාවයන්ට Yin ආහාර ද දෙනු ලැබේ.

ශරීරයේ ස්වරූපය (Yin සහ Yang ස්වරූපය), ආහාර (Yin සහ Yang ස්වරූපය) සහ ආහාරය ගනු ලබන කාලයේ ස්වරූපය (Yin සහ Yang ස්වරූපය) මත ආහාර ගැනීම සඳහා සිතීමක් මෙමගින් ගොනු කර ගත හැකිය.

උදාහරණයක් ලෙස Yang අසමබරතාවයක සිටින්නෙකුට Yin  තත්වයන් ඇති කල යුතුය. එළවළු -Yin, පලතුරු -Yin, හවස් වරුවේ-Yin ගැනීමෙන් සමබරතාවය ඇති කර ගත හැකි ය.

ආහාර පිසීමේදී තෝරාගත යුත්තේ කුමන දේශගුණයක වැවෙන ආහාර ද, එම ආහාර වල කුමන කොටස් ද සහ ආහාරය පිසූ හෝ නොපිසූ තත්වයද සැලකිල්ලට ගත යුතුය.




සමබරතාවය ඇති කර ගැනීම ඉතාම වැදගත්ය. ඒ ගැන සිතිය යුතු වෙයි. විශ්වයීය ප්‍රපංච සහ සමාජ ප්‍රපංච අතර අන්‍යේන්‍ය බලපෑම, අන්තර් ක්‍රියාව, විනිවිදීම  තුළ අපි ජීවිතය ස්ථානගත කළ යුත්තේ ය. එසේනම් එය විද්‍යාවක් (Science) පමණක් නොව කලාවකි (Art).







අරුණ ශාන්ත
මෙය 'මාතොට' සඟරාවේ 1999 අගෝස්තු කලාපයේ පළවූ ලිපියකි 





මෙම ලිපිය උපුටා ගැනීමේදී සමස්ත ලංකා වූෂු සහ චිගොන්ග් සංසදයේ බ්ලොග් අඩවියෙන් උපුටා ගන්නා ලද බව සඳහන් කිරීමට කාරුණික වන්න. එසේම වෙනස් අර්ථයන් ඇති වන සේ මෙම ලිපි වල කොටස් උපුටා පළ කිරීමෙන් වලකින්න.



  

No comments:

Post a Comment