Tuesday, November 17, 2015

ජීවිතය වෙනස් කරගන්න අලුත් පාරක්...

'ජීවීතය' ගෙවීමේදී පැමිණෙන බොහෝ ගැටලු අභියස දී; ශාරීරික සෞඛ්‍යය යන්නද ලාංකීය අපට ගැටලුවක් වී තිබේ. ශාරීරික සෞඛ්‍යය ගැන අපට මතක් වනුයේ පවා රෝගාබාධයකට ගොදුරු වීමෙන් අනතුරුවය. ඉන්පසු විවිධාකාර ස්වකීය ප්‍රතිකාර කිරීම් සහ වෛද්‍යවරුන් මුණ ගැසීම හැරෙන්නට අපට වෙනත් විකල්ප නොමැත. බොහෝ විට අප ප්‍රමාද වී වැඩිය. ශරීරය තුල ඉතා දීර්ඝ කාලීනව, ඉතා කුඩාව අභ්‍යන්තරිකව ආරම්භ වන අසමබරතාවයන් බරපතල රෝග තත්වයන් බවට පෙරලී එහි ලක්ෂණ අපට දෘෂ්‍යමාන වන විට අපි ඒවා හඳුනා ගන්නෙමු. එවිට බොහෝ විට අප ප්‍රමාද වැඩිය.ඉතාම අඩු වයසේදී පවා මෙම තත්වයන්ට අප ගොදුරු වනුයේ;
1.අක්‍රමවත් වැඩ කිරීමේ රටාව. (පැය අටකට වඩා)
2.ශරීරය බිඳ වැටෙන පරිසර තත්වයන්ට මුහුණ දීම. (අධික තාපය,සීතල,දුහුවිල්ල)
3.අක්‍රමවත් ආහාර ගැනීම් (අධික සිසිල් ආහාර, අධික තෙල් සහිත ආහාර, මත්ද්‍රව්‍ය භාවිතය)
4.අක්‍රමවත් චර්යා රටාවන් (ඉරියව්, ඇවිදීමේ ක්‍රම, ලිංගික පුරුදු)
5.අක්‍රමවත් විවිධ ශාරීරික රසායනික භාවිතයන් (විවිධ රසායනික ආලේපයන්)
ආදී ක්‍රියාවලීන් පිළිබඳ අපට ගැඹුරු වැටහීමක් නොමැති නිසාය.
ශරීර සෞඛ්‍යය දීර්ඝ කාලීනව ආරක්ෂා කර ගත යුතු සහ ගොඩ නඟා ගත යුතු දෙයකි. ශරීරය පිළිබඳව මනා වැටහීමක් සහිත දියුණු ශාරීරික සංස්කෘතීන් පෙරදිග චීනය, ඉන්දියාව, ජපානය, කොරියාව ආදී රටවල් වල ගොඩ නැංවී ඇත. විවිධාකාර ව්‍යායාම් කලාවන්; චිගොන්ග් (Qigong), තායිචී චුවාන් (Thai Chi Quan), යෝග ව්‍යායාම් (Yoga), නිල සම්භාහන ප්‍රතිකාර (Acupressure) මෙම සංස්කෘතීන්හි අන්තර්ගතය.

1.දීර්ඝ කාලීන ජීවිතය
2.අකාලයේ ජරාවට පත් නොවීම
3.සමබර ජීවිතය
4.නිරවද්‍ය චින්තනය
මෙම ශාරීරික සංස්කෘතීන්ගේ ප්‍රධාන අරමුණ විය.
ලාංකීය තත්වය තුල ප්‍රධානව ශාරීරික සංස්කෘතියක් ගොඩ නැගී නොමැත. අපි ලාංකීය සමාජය වෙත දියුණු ශාරීරික සංස්කෘතියක් ගොඩනඟමින් සිටින්නෙමු.
ශ්‍රී ලංකාව තුල දීර්ඝ කාලීන ජීවිතයක් උදෙසා රෝග වලින් වැලකී සිටීම් සහ පවතින ශරීර අසමබරතාවයන් ස්වභාවිකව සුවකර ගැනීම් (Natural Healing) සඳහා පෙරදිග සංස්කෘතියේ ප්‍රධාන ශාරීරික කලාවන් උපයෝගී කර ගැනීම අනිවාර්යයක් බව අප හොදින් වටහා ගෙන සිටිමු.
අප විසින් මෙහෙයවන වයඹ පළාත් මාසික වැඩමුළුව මෙම මස 22 වන දින කුරුණෑගල තරුණ බෞද්ධ සමිති සංගම් (YMBA) ශාලාවේ (රජපිහිල්ල උද්‍යානය අසල) දී පෙරවරු 8.30 සිට පැවැත්වේ.
ඔබගේ සහභාගීත්වය දුරකතන ඇමතුමක් ලබාදී තහවුරු කරන්න.
071 6 32 55 58

No comments:

Post a Comment