සෑම ගොනෙකු සහ අශ්වයකුම උපදින්නේ නිදහස්ව ය. නමුත් දක්නට ලැබෙනුයේ ලණු සහිතව ය. චීන දාර්ශනික ලා ඕ සූ (Lao tzu) එසේ පවසා තිබේ.
චීන සටන් කලාව දාර්ශනික ලෙස හරයාත්මක ගැඹුරක සිට අධ්‍යයනය කරන්නට යන්නෙකුට මින් උගත හැකි දේ ඉමහත්ය. සොබා දහම සහ සංස්කෘතිය (Nature and Culture) ගොනුන් සහ අශ්වයින් උපදින විට නිදහස් වේ. නමුත් ඔවුන්ට ලණු වැටෙනුයේ මිනිසා ඔවුන් මත ක්‍රියා කිරීම නිසාය. ඔවුන් නිදහස්ව ඉපදීම අපට සොබා දහම (Nature) ලෙසත් මිනිසාගේ මැදිහත් වීම නිසා බැමි ඇති වීම සංස්කෘතිය (Culture) ලෙසත් වටහා ගත හැකිය.