Friday, August 6, 2010

නිරෝගිකමට වඩා සුවයක් මේ ලෝකයේ තියෙනවද?

ජීවිතය වෙනස් කරගන්න අලුත් පාරක්


'ජීවීතය'ගෙවීමේදී පැමිණෙන බොහෝ ගැටලු අභියස දී; ශාරීරික  සෞඛ්‍යය යන්නද ලාංකීය අපට ගැටලුවක් වී තිබේ.ශාරීරික  සෞඛ්‍යය ගැන අපට මතක් වනුයේ පවා රෝගාබාධයකට ගොදුරු වීමෙන් අනතුරුවය. ඉන්පසු විවිධාකාර ස්වකීය ප්‍රතිකාර කිරීම් සහ වෛද්‍යවරුන් මුණ ගැසීම හැරෙන්නට අපට වෙනත් විකල්ප නොමැත. බොහෝ විට අප ප්‍රමාද වී වැඩිය. ශරීරය තුල ඉතා දීර්ඝ කාලීනව, ඉතා කුඩාව අභ්‍යන්තරිකව ආරම්භ වන අසමබරතාවයන් බරපතල රෝග තත්වයන් බවට පෙරලී එහි ලක්ෂණ අපට දෘෂ්‍යමාන වන විට අපි ඒවා හඳුනා ගන්නෙමු. එවිට බොහෝ විට අප ප්‍රමාද වැඩිය.ඉතාම අඩු වයසේදී පවා මෙම තත්වයන්ට අප ගොදුරු වනුයේ;



1.අක්‍රමවත් වැඩ කිරීමේ රටාව. (පැය අටකට වඩා)
2.ශරීරය බිඳ වැටෙන පරිසර තත්වයන්ට මුහුණ දීම.(අධික තාපය,සීතල,දුහුවිල්ල)
3.අක්‍රමවත් ආහාර ගැනීම් (අධික සිසිල් ආහාර, අධික තෙල් සහිත ආහාර, මත්ද්‍රව්‍ය භාවිතය)
4.අක්‍රමවත් චර්යා රටාවන්(ඉරියව්,ඇවිදීමේ ක්‍රම,ලිංගික පුරුදු)
5.අක්‍රමවත් විවිධ ශාරීරික රසායනික භාවිතයන් (විවිධ රසායනික ආලේපයන්)


ආදී ක්‍රියාවලීන් පිළිබඳ අපට ගැඹුරු වැටහීමක් නොමැති නිසාය.


ශරීර සෞඛ්‍යය දීර්ඝ කාලීනව ආරක්ෂා කර ගත යුතු සහ ගොඩ නඟා ගත යුතු දෙයකි. ශරීරය පිළිබඳව මනා වැටහීමක් සහිත දියුණු ශාරීරික සංස්කෘතීන් පෙරදිග චීනය, ඉන්දියාව, ජපානය, කොරියාව ආදී රටවල් වල ගොඩ නැංවී ඇත. විවිධාකාර ව්‍යායාම් කලාවන්; චිගොන්ග් (Qigong),තායිචී චුවාන්(Thai Chi Quan),යෝග ව්‍යායාම්(Yoga), නිල සම්භාහන ප්‍රතිකාර(Acupressure) මෙම සංස්කෘතීන්හි අන්තර්ගතය.


1.දීර්ඝ කාලීන ජීවිතය
2.අකාලයේ ජරාවට පත් නොවීම
3.සමබර ජීවිතය
4.නිරවද්‍ය චින්තනය


මෙම ශාරීරික සංස්කෘතීන්ගේ ප්‍රධාන අරමුණ විය.


ලාංකීය තත්වය තුල ප්‍රධානව ශාරීරික සංස්කෘතියක් ගොඩ නැගී නොමැත. අපි ලාංකීය සමාජය වෙත දියුණු ශාරීරික සංස්කෘතියක් ගොඩනඟමින් සිටින්නෙමු.


ශ්‍රී ලංකාව තුල දීර්ඝ කාලීන ජීවිතයක් උදෙසා රෝග වලින් වැලකී සිටීම් සහ පවතින ශරීර අසමබරතාවයන් ස්වභාවිකව සුවකර ගැනීම් (Natural Healing) සඳහා පෙරදිග සංස්කෘතියේ ප්‍රධාන ශාරීරික කලාවන් උපයෝගී කර ගන්නා අප සංවිධානය ඒ සඳහා පහත සඳහන් කලාවන් ඔබ වෙත ඉදිරිපත් කරයි.


1. ඉන්දීය යෝග විද්‍යාව (Yoga Science)
    ප්‍රධාන යෝග ආසන, ප්‍රානායාම රෝග වලට ගැලපෙන සේ ආසන තෝරා ගැනීම.


2.චලන යෝග විද්‍යාව (Dynamic Yoga Science)
   ශරීරය සැකසීම, හැඩ ගැන්වීම යෝග ආසන සහ චලන යෝග පද්ධති ඇසුරෙන් සිදු කෙරේ.


3.චිගොන්ග් (Qigong)
    චීන අභ්‍යන්තරික පද්ධති ගොඩනැංවීමේ සහ සකස් කිරීමේ කලාව. මෙමගින් අභ්‍යන්තරික රෝග විශාල සංඛ්‍යාවක් සුවකර ගත හැකිය.


4.චීන නිල සම්බාහන චිකිත්සාව (Chinese Accupressure)
   ව්‍යායාමයක් ලෙස නිල සම්භාහනය කිරීම. අකාලයේ වයසට යාම, ශාරීරික ශක්තිය අඩුවීම, ලිංගික            දුබලතා, අධික රුධිර පීඩනය, දියවැඩියාව ආදී රෝග නිශ්චිත නිල සම්භාහනය මගින් පාලනය කිරීම  සහ සුවකර ගැනීම.


5. හස්ත පාද නිල සම්භාහනය.
    අත්ලේ සහ පාදවල නිලස්ථාන සම්භාහනය කිරීම මගින් ශරීරය ගොඩ නැංවීම, රෝග සුව කිරීම.


6. චීන මෘදු සටන් කලාව (Soft Martial Art)
   ශරීරයේ සමබරතාවය සකස් කරවනු ලබන මෘදු චලන -  කායික සහ මානසික ඒකාග්‍රමය සටන් කලාව. (මෙය චීනයේ, ජපානයේ, කොරියාවේ, ප්‍රසිද්ධ ශාරීරික ව්‍යායාම් කලාවකි. )


7. තාඔයිස්ට් ශරීර සෞඛ්‍ය ආරක්ෂක ව්‍යායාම් (Daoist Health Preserving Exercises)
    වකුගඩු සහ ප්‍රජනක ඉන්ද්‍රිය පද්ධති ප්‍රධාන ලෙස ගෙන සමස්ථ ශරීරය ‍ගොඩනැංවීමේ   තාඔයිස්ට්            ව්‍යායාම් කලාව.


8.ව්‍යායාම් චිකිත්සාව (Exesisotheraphy)
    ශරීරයේ විවිධ ස්ථාන වල වේදනාවන්, ගැටලු චිකිත්සාමය ව්‍යායාම් වලින් සුව කිරීම.


9. සම්භාහන චිකිත්සාව (Massotheraphy)
    සමස්ථ ශරීරය සම්භාහනය මගින් ගොඩනැගීම.
   (හිස සම්භාහනය, කොන්ද සම්භාහනය, අත් සහ පාද සම්භාහනය, ආමාශය ආශ්‍රිත පෙදෙස් සම්භාහනය)


10.ආහාර චිකිත්සාව (Diatotheraphy)
     විවිධ ආහාර මගින් ශරීරය පාලනය කිරීම, ශරීරය ගොඩනැංවීම.



11. සෙන් චෑන් භාවනාව.(Zen or Chang Meditation)


ජීවිතය සඳහා ශාරීරික සංස්කෘතියක් සහ බුද්ධිමය සංස්කෘතියක් ගොඩනැංවීමේ යෙදී සිටින අප සංවිධානය ඔබ සැම සමඟ සම්බන්ධ වීම ගෞරවයෙන් අපේක්ෂා කරයි. අප ශ්‍රී ලංකා ස්වභාවික සුවකිරීම් සහ චිකිත්සාමය ව්‍යායාම් සංගමය සමස්ත ලංකා වූෂූ සහ චිගොන්ග් සංසදයට සම්බන්ධ සංවිධානයකි. ලාංකීය ජනතාවගේ ශාරීරික සංස්කෘතියක් සහ බුද්ධිමය සංස්කෘතියක් ගොඩනැංවීමට අප ඉදිරිපත් කරනු ලබන මෙම වැඩසටහනට සහභාගී වී අවශ්‍ය ප්‍රතිලාභ ලබා ගන්නා ලෙස ඔබ සැමට තුටු සිතින් ආරාධනා කරමු.

මෙම ලිපිය උපුටා ගැනීමේදී සමස්ත ලංකා වූෂු සහ චිගොන්ග් සංසදයේ බ්ලොග් අඩවියෙන් උපුටා ගන්නා ලද බව සඳහන් කිරීමට කාරුණික වන්න. එසේම වෙනස් අර්ථයන් ඇති වන සේ මෙම ලිපි වල කොටස් උපුටා පළ කිරීමෙන් වලකින්න.




No comments:

Post a Comment