Thursday, August 19, 2010

චීනයේ ජව සම්පන්න සටන් කලා අභ්‍යාස




කුඩා ළමයෙක් පැමිණ ලී කොටයක් මත අත තබා ගත්තේය. ඔහු අත වීදුරු බෝලයක් විය. විශාල කුළු ගෙඩියක් එසවුනි. එය අත වෙත පහත් විය. වීදුරු බෝලය කුඩු වී ගියේ ය. නරඹන්නෝ මුහුණු ඉවත හරවාගෙන නැවත වේදිකාව දෙස බැළුවේ ය. දරුවා සතුටින් නැඟී සිටියේ ය.

ඒ ඔහු ඉගන ගන්නා චිගොන්ග් (Qi gong) විශේෂයේ ස්වභාවය යි. යින්ග් ගොන්ග් (Yin gong) නමින් හැඳින්වෙන විශේෂයේ ස්වභාවයන් සැලකූ විට මාංශ පේෂි නොකැපෙන තත්වයට ගෙන ඒම සියළුම ආකාරයේ ප්‍රහාර දරාගත හැකි වීම - විශාල බර සිරුරින් දරා සිටීමේ හැකියාව සහිත විශේෂ ක්‍රීඩාවක් බව දක්නට ලැබේ. විශේෂයෙන් චීනයේ දකුණු ප්‍රදේශය පුරා පැතිර ඇති නන්චුවාන් (Nan Quan) සටන් ශෛලියට මෙම යින්ග් ගොන්ග් දක්ෂතා උපයෝගී කර ගනියි.






තවත් තැනක චිගොන්ග් දක්ෂතා දැක්වීමකි.


"පත්තර කඩදාසි වලින් කපා ගත් වළලු දෙකකින් එල්ලූ ටියුබ් ලයිට් එකකි. කිලෝ ග්රෑම් 78 ක් බර චීන වූෂු ගුරුවරයෙක් තම චින් චිගොන්ග් (Qing Qigong) දක්ෂතාවයක් පෙන්වීමට සැරසෙයි. මදකින් උඩට පැන ටියුබ් ලයිටයේ ඔහු එල්ලී සිටියි. පත්තර වළලු ඉරෙන්නේ ද, ටියුබ් ලයිටය බිඳී යන්නේ ද නැත. මෙය මෘදු චිගොන්ග් (Soft Qigong) ශෛලි‍යේ හැකියාවන් ය.
 

ඉතිහාසගත බෝධිධර්ම (Bodhidharma, Damo) හාමුදුරුවන් මල් කළඹක නැඟී කහ නදිය තරණය  කළ බැව් පුරාවෘත්ත වල කියවෙයි. අතීතයේ ෂඔලින් හාමුදුරුවරුන්ට ගස් වල කොළ වලින් තවත් කොළයකට එල්ලෙමින් ගමන් කිරීමේ හැකියාව තිබුණු බැවි ද, එසේම විශාල උස් තාප්ප මතට, වහලවල් මතට පැනීමේ හැකියාව තිබුණු බැව් ද කියවේ. මෑත කාලීනව ෂඔලින් ආරාමයේ ප්‍රධානියාව සිටි හායි ඩෙන්ග් (Hai Deng) හාමුදුරුවන්ට තනි ඇඟිල්ලෙන් සිට ගෙන සිටීමේ හැකියාව තිබූ බැව් ද කියවේ.


"බ්‍රිතාන්‍යයේ සිට චීනයට තම පාදයේ පණ නැතිව ගිය ස්වභාවය සුවකර ගැනීමට පැමිණි කාන්තාවකි. තම ඇඟිලි තුඩු වලින් ඇගේ කොඳු ප්‍රදේශය ද, පාද වල නිලස්ථාන (Acupoints) කිහිපයක් ද තෙරපූ වෛද්‍යවරයා ඇයට නැඟී සිටීමට විධාන දෙයි. ඇය නැගිට ඇවිද යයි." මේ පාරම්පරික චීන වෛද්‍ය කලාවේ (Traditional Chinese Medicine) චිගොන්ග් ඉටු කරන කාර්යයයි.



මිනිස් සිරුර අසාමාන්‍ය ලෙස පුහුණු කරවනු ලබන මෙම දක්ෂතා චීන සටන් කලාව - වූෂු (Wushu) සමඟ සමීපව සම්බන්ධ වෙයි. අද දින බටහිර හෝ ජපන් පුහුණුවීමේ ශෛලීන් තුල සිරවී සිටින වූෂු ශිල්පීන් ඉන් මිඳීමට උත්සාහ නොකරන්නේ නම් කිසි දින චීන සටන් කලා දක්ෂතා වල හරයට ලඟා නොවනු ඇත.




මනුෂ්‍ය ශරීරය චීන සටන් කලාව ට අනුව පුහුණු කිරීමේ ආකාර දෙකකි. යින් යාන්ග් (Yin Yang) හෙවත් දයලෙක්තික, තාඔයිස්ට් වාදී දාර්ශනික ස්වරූපය පාදක කරගත් මෙම පුහුණුවීම් වලදී මූලිකව


1. බාහිර ව්‍යායාම (වායි ගොන්ග් -Wai Gong)

i.  අස්ථි
ii. රුධිරය
iii.මාංශ පේශි සංවර්ධනය

                                         සිදු කරනු ලබයි.

2. අභ්‍යන්තර ව්‍යායාම (නිගොන්ග්-Wei Gong )

i.  අභ්‍යන්තර ශක්තිය (චී-Qi)
ii. චිත්ත ශක්තිය (යී-Yi)
iii.ආත්මීය ස්වරූපය (සෙන්-Zhen) 

                                                     පුහුණුවීම සිදුකරනු ලබයි.

චිගොන්ග් වල දී මෙම අභ්‍යන්තරික සංවර්ධනය සිදු කිරීම ඉටු වෙයි.





මෙම චිගොන්ග් අභ්‍යාස පුහුණු වීම නිසා....

1.දීර්ඝ ජීවිත කාලය.
2.අකාලයේ ජරාවට නොයෑම
3.රෝග නොවැළඳීම
4.සටන් කලාවට යොදා ගත හැකි අදෘෂ්‍යමාන ශක්ති විශේෂ අවධි වීම
5.නිර්මාණශීලී ස්වභාවය
6.කල් ගිය රෝග වලින් සුවය ලැබීම
7.සමතුලිත සිරුරක් සැකසීම  

                                            ආදී ප්‍රතිලාභ පුද්ගලයෙකු සතු වෙයි.

අද දින සමාජය අතිශය කාර්යක්ෂම ය, සංකීර්ණ ය. ප්‍රථිඵල සමාජගත නොවුන ද මෙම  අධික ක්‍රියාකාරීත්වය නිසා මිනිස් සිරුරු මූලිකව අර්බුදයට ලක් වෙයි. අසමතුලිත ශරීර මෙම සංකීර්ණ සමාජ ආතතියට මුහුණ දීමට නොහැකිව නිශ්ක්‍රීය වෙයි. මේ නිසා මිනිසුන් පරාරෝපිතව විවිධ අදෘෂ්‍යමාන බලවේගයන් (දෙවිවරුන්, යක්ෂයින් ඇදහීම) කරාද, එසේ නැත්නම් අඩු ජීවිත කාලයක් ද (අපේ රට තුල සාමාන්‍ය මිනිසෙකුගේ මේ වන විට ජීවන කාලය 45-55 කි.) ලඟා කර ගනියි.

සටන් කලාව තුළ ද, ජීවිතය තුළ ද, සමාජය තුළ ද අභියෝග ජය ගැනීමට උත්සාහ දරන නව පරම්පරාවක උරුමය චිගොන්ග් විය යුතු ය
.

අරුණ ශාන්ත

ශ්‍රී ලංකා බ්ලැක් ඩ්‍රැගන් චීන සටන් කලා (වූෂු) සංගමය මගින් ප්‍රකාශනයට පත් කල බ්ලැක් ඩ්‍රැගන් සඟරාවේ
1996 ජනවාරි -පෙබරවාරි කලාපයේ පළ වූ ලිපියකි


මෙම ලිපිය උපුටා ගැනීමේදී සමස්ත ලංකා වූෂු සහ චිගොන්ග් සංසදයේ බ්ලොග් අඩවියෙන් උපුටා ගන්නා ලද බව සඳහන් කිරීමට කාරුණික වන්න. එසේම වෙනස් අර්ථයන් ඇති වන සේ මෙම ලිපි වල කොටස් උපුටා පළ කිරීමෙන් වලකින්න.





      

3 comments:

  1. වැඩේ නියමයි, ඉතින් මේ වත් එක්කම කාටත් වැදගත්වන අයිකි‍ඩෝ වගේ සටන්ක්‍රම ටිකකුත් උගන්නමුද

    ReplyDelete
  2. ඒ කතාව මමත් අනුමත කරනවා.... ඒවගේම තව තවත් ලියන් ශක්තිය ලැබෙන්න ඕනි....!! මම මේ දැකපු හොඳම සිංහල සටන් කලාව ගැන තියන අඩවියක් කියුවොත් නිවැරදියි කියලත් හිතනවා...!!
    සුභ පැතුම්.......!!

    ReplyDelete
    Replies
    1. හරියටම කිව්වොත් චීන සටන් කලාව ගැන සිංහල භාෂාවෙන් තියෙන බ්ලොග් අඩවියක් කියන එක නේදා ඔයාට කියන්න ඕන වුනේ?

      Delete