Monday, August 9, 2010

වූෂූ හඳුන්වාදීම.


වූෂු ඳුන්වාදී.



මානව පරිනාමයේදී මිනිසා සොබා දහමට මෙන්ම සමාජීය ජීවිතයට හුරුවීමේ දී සංවර්ධනය කර ගනු ලැබුවා වූ දක්ෂතාවයන් අති විශාලයි. මෙම දක්ෂතාවයන් අතර වෛද්‍ය කලාවන්, සටන් කලාවන්, කලා ශිල්ප, දර්ශනවාදයන්, ක්‍රීඩා ආදිය කැපී පෙනෙනවා. එයින් එක් දෙයක්  වන සටන් කලාව ගැන කථා කරන්නයි අපි මේ පටන් ගන්න යන්නෙ.



මානව ශිෂ්ඨාචාර සංවර්ධනයත් සමඟ මිනිසා ලද විවේකය ප්‍රීතිමත්ව ගත කිරීමට යොදා ගත්තා. සොබා දහමේ සත්වයින්ගේ අංග චලනයන් අනුකරණය කරමින්, ශරීර අංගයන් ඊ‍ට අනුව සකස් කර ගනිමින් සමූහ වශයෙන් රංගනයේ යෙදුන බව සඳහන් වෙනවා. මෙසේසත්ව ඉරියව් අනුකරණයත් සමඟ වූෂු කලාවේ චලනයන් සංවර්ධනය වූ බව ඉතිහාසයේ සටහන් වෙනවා. වූෂු කලාවේ වර්ධනයේ සන්ධිස්ථානයක් සටහන් කරන්නේ බෝධි ධර්ම හාමුදුරුවෝ. ඉන්දියාවේ රජ කෙනෙකු වූ සුගන්ධ නම් රජතුමාගේ පුතෙකු වන බෝධිධර්ම හාමුදුරුවෝ 'සෙන්' බුදුදහම ප්‍රචලිත කිරීම සඳහා ඉන්දියාවේ සිට චීනයට පැමිණුනා. අපි කවුරුත් අසා ඇති ෂාඕලින් ආරාමයේ එවකට විසූ භික්ෂූන් බුදු දහම හැදෑරීමේ සහ පුහුණු වීමේ දී දැක් වූ උදාසීනභාවය දුටු  උන් වහන්සේ එම භික්ෂූන් සඳහා මූලික ව්‍යායාම් 18 ක් හඳුන්වා දුන්නා. මෙම ව්‍යායාමයන් සහ චිත්ත අභ්‍යාසයන් වූෂු කලාවේ නව පිබිදීමකට උරුමකම් කියනවා.





මෙසේ අවුරුදු 5,000කට වැඩි කාලයක් ඇවෑමෙන් පසු වූෂු; අප ඉදිරියේ දිග ඇරෙන්නේ ලෝකයේ අති ප්‍රබලතම සටන් කලාව ලෙස ආසියාතික තරඟත්, ඔලිම්පික් තරඟත් අතරින් ශ්‍රී ලංකාවේ 44 වන ජාතික ක්‍රීඩාව ලෙසත් සෑම පාසලක් තුලින් ජාතික පාසැල් ක්‍රීඩා උළෙල කරාත් ගමන් කර හමාරයි. ඉතින් දැන් අපිට වූෂු විශිෂ්ඨ ක්‍රීඩාවක් ලෙසත් දැක ගන්නට හැකි වෙනවා. එපමණක් නොවෙයි අපේ කායික හා මානසික චලනයන් සංවර්ධනය තුලින් ශික්ෂණයට භාජනය කරන 'මානව චලන සංවර්ධන ශික්ෂණ විද්‍යාව'ක් ලෙසත්, 'රෝග නිවාරණ ප්‍රතිකාර කලාවක්' ලෙසත් හඳුනාගත හැකියි.

අප මෙම ප්‍රතිකාර කලාව ගැන ටිකක් කථා කරමු. අප වූෂු මෙතෙක් හඳුනාගන සිටියේ පුද්ගලයෙකු විනාශ කල හැකි දෙයක් විදිහට පමණයි. එහෙත් මෙය පුද්ගලයෙකු නිරෝගිමත් කල හැකි, සංවර්ධනය කල හැකි වෛද්‍ය කලාවක්ද වනවා. ඒ නිසයි වූෂු විශිෂ්ඨ සටන් කලා විද්‍යාවක් වන්නේ. වූෂු හැදෑරීමට එන ශිෂ්‍යයෙක්; ශාරීරික වශයෙන් දුබලයෙක් විය හැකියි. පෙනහලු වල,හදවතේ,වකුගඩුවල ආබාධයකින් පෙලෙන්නෙක් විය හැකිය. එහිදී ගුරුවරයාට සිද්ධවෙනවා පළමුව ඔහුව නිරෝගිමත් කරන්නට, ශක්තිමත් කරන්නට. එවිටයි අපට චීන පාරම්පරික වෛද්‍ය කලාව වැදගත් වෙන්නෙ. වූෂු ශිල්පියෙක් සම්බන්ධව චීනයේ ප්‍රචලිත කියමනක් තියෙනවා ඒ තමයි "චීන වෙද්‍ය කලාව නොදත් සටන් ශිල්පියා තනි කකුලෙන් ගමන් කරන්නෙකු වැනිය"කියලා. මෙම ප්‍රකාශයෙන්ම ඔබට වැටහෙනවා ඇති වෛද්‍ය කලාවත්, සටන් කලාවත් අතර ඇති සම්බන්ධය. අපි තනි කකුලෙන් යාමට සිතිය යුතු නොවේ. සමස්ත ලංකා වූෂු සහ චිගොන්ග් සංසදය ඔබලාට දෙපයින් ගමන් කිරීමට උපකාර වනුඇත. චීන සමාජයත් සමඟ සංවර්ධනය වූ සටන් කලාව; දියුණු සමාජීය චලන වන සන්නාලියන්, මල් නෙලන්නන්, රෙදි වියන්නන් වඩුවන්,කෝකියන්, සහ පූජකවරුන්ගේ අභිනයන් ද, කොටියා, වඳුරා, නාගයා, උකුස්සා, වන්දා වැනි විවිධ සත්ව අභිනයන් වඩා නිර්මාණශීලීව ඉදිරිපත් කිරීම තුලින් මිනිස් සිත් සතන් තුල ආනන්දයක් ජනනය කිරීමට හේතු වෙනවා. මෙසේ සොබා දහම වඩා විචක්ෂනව හැදෑරීම තුලින් වූෂු ශිල්පියාට තමාගේම නිර්මාණශීලී ශෛලියක් ලොවට හඳුන්වා දිය හැකි වෙනවා. එබැවින් ම වූෂු විශිෂ්ඨ කලාවක් ද වෙනවා.

බෝධිධර්ම හිමියන් ගේ සංක්‍රමණයත් සමඟ වූෂු සටන්කලාව විවිධ දර්ශනයන්ගෙන් පෝෂණය ලබන්න ගත්තා. සෙන් බුදු දහමත් චීනයේ ප්‍රචලිතව පවතින තාඕ-Tao සහ කොන්‍ෆියුසියස්-Confucius ජීව දර්ශනයත් වූෂු කලාවට දාර්ශනික ස්වරූපයක් ලබා දීමට ඉවහල් වුනා. වූෂු කලාව සැබෑ ලෙස පුහුණු කරන්නා කායික ශක්තියත්, මානසික ශක්තියත්,අභ්‍යන්තර ශක්තියත්-Qi, බාහිර සහ අභ්‍යන්තර ඉන්ද්‍රියන් සංවර්ධනයේදී උපයෝගී කරගනු ලබනවා. දාර්ශනික ස්වරූපයන් ජීවිතය සමඟ සම්බන්ධ කර ගැනීමත්, විවිධ ශක්තීන් සංවර්ධනය කිරීමෙන් ජීවියා පරිනාමයට ලක්කල හැකි නිසාත් වූෂු අපට ජීවන දර්ශනයක්, ජීවන විද්‍යාවක් ලෙසද භාවිතා කල හැකි වෙනව.


විවිධ මානව හා සත්ව චලන ලෙස වර්ධනය වූ වූෂු වර්තමානයේ ශෙලීන් දහස් ගණනකට උරුමකම් කියනවා. වර්තමානයේ අන්තර් ජාතික ක්‍රීඩාවක් ලෙස අප ඉදිරියට පැමිනෙන්නේ මූලික ශෙලීන් 10 ක් පෙරටු කොට ගෙනයි. අපි එම ශෙලීන් 10 හඳුනා ගනිමු.

Changquan (Long fist)
Nanquan (Southern Fist)
Taiji quan
Dao (single-edged sword)
Jian (double-edged sword)
Taijijian (Taiji double-edged sword)
Nandao (Southern single-edged sword)
Gun (Staff)
Qiang (Spear)
Nangun (Southern Staff)




මීට අමතරව අභ්‍යන්තර සටන් ශෛලීන් වන

ෂින්යී චුවාන්     - Xingyi Quan



පා කුවා චුවාන්  - Bagua Quan



 සහ අභ්‍යන්තර ශක්තිය ගොඩනඟන නෙයි ජින් ෂි වූ චිගොන්ග්-Nei jing Zhi wu Qigong 
ශෛලිය ද වැදගත් වෙනවා. 




Thaiji Quan (yang Style 24 formes)















මෙය සමස්ත ලංකා වූෂු සහ චිගොන්ග් සංසදයේ අධ්‍යාපන අංශය 1995 දී පළ කල ලියවිල්ලකි




මෙම ලිපිය උපුටා ගැනීමේදී සමස්ත ලංකා වූෂු සහ චිගොන්ග් සංසදයේ බ්ලොග් අඩවියෙන් උපුටා ගන්නා ලද බව සඳහන් කිරීමට කාරුණික වන්න. එසේම වෙනස් අර්ථයන් ඇති වන සේ මෙම ලිපි වල කොටස් උපුටා පළ කිරීමෙන් වලකින්න.

3 comments:

  1. best regards.
    ALL CEYLON WUSHU... SAMAAJA YAHAPATHA SADAHAA WEHESA WANA MINISUNGE VADAK.

    J. Senavirathne.

    jaliyakandy@gmail.com

    ReplyDelete
  2. I'm interesting in WHUSHU & like to learn it. I would be thankful, if anyone can tell me about a good WUSHU GURU in Sri Lanka.

    ReplyDelete