Monday, August 9, 2010

වූෂූ (චීන සටන් කලාව)



ප්‍රශ්නය:  චීන සටන් කලාව යනු කුමක්ද?


පිළිතුර:  

චීන සටන් කලාව යනු ජීවිතයයි.මෙම වචනය ඇසෙත්ම ජීවිතය යනු  කුමක්දැයි  ඔබ  ඇසීමට        පුලුවන.කෙටිම පිළිතුර ශරීරය සහ සමාජය අතර සම්බන්ධය යන්නයි.



ප්‍රශ්නය: 

චීන සටන් කලාව -ජීවිතය යන්නත්, ජීවිතය යනු ශරීරය සහ සමාජය අතර සම්බන්ධය යන්නත් ඔබ සංසදයේ නිර්වචනයක් විය හැකියි.එය වඩා පැහැදිලි කලොත්;


පිළිතුර:

චීන සටන් කලාව චීනයේ සිට ලංකාවට එනවා. චීන සමාජයේ ජීවිතයේ පාරම්පරික  අංගයක් වන මෙය ලාංකීය සමාජය තුලද පාරම්පරික භාණ්ඩයක් බවට (Consumer  goods) පෙරලෙනවා. මෙය ව්‍යාපාරික කටයුත්තක් බවට පෙරලෙනවා. වසර දහස් ගණනක් තිස්සේ මිනිස් ජීවිතයත් එක්ක සිද්ධ වෙච්චි වර්ධනයන්ගේ විකිණීමට හැකි  ප්‍රදර්ශණාත්මක හෝ සන්දර්භයට නිෂ්පාදනය කරනු ලබන අර්ථයන් පමනක් ප්‍රමුඛ වෙන්න  පටන් ගන්නවා. සටන් කලාව ලෙස සමාජය හඳුනා ගන්නේ මේ තත්වයන්.


ප්‍රශ්නය: 

ජීවිතය නව ආකාරයකට නිර්මාණය කර ගැනීමේ හැකියාව ලබා ගැනීමට චීන සටන් කලාව උදව් කර ගන්නේ කෙසේද?


පිළිතුර: 

චීන සටන් කලාව මිනිසා පරිසරය සමඟත්, සමාජය සමඟත් දීර්ඝකාලීනව සිදු කල  සම්බන්ධතාවයේ ප්‍රතිඵලයක්. මේ සම්බන්ධය (Relation) නිසා උපන් දක්ෂතා නිර්මාණශීලී පරම්පරාවකට තමන්ගේ ජීවිතය ගොඩනගා ගැනීමට මෙම දක්ෂතා යොදා  ගන්න පුලුවන්.


ප්‍රශ්නය: මෙම දක්ෂතා වල ස්වරූපය පැහැදිලි කිරීමක් කෙරුවොත්;


පිළිතුර: 

මෙය පටන් ගැනීම ආරම්භක ලක්ෂයක් ලෙස ශරීරය 
තුලින් සිදු කරමු.




ඉහත රූපසටහන්වලට අනුව සිතමු. ශරීරය සැකසී ඇති දෘෂ්‍යමාන සංඝටක (අස්ථි, රුධිරය, මාංශ පේශි) මූලිකව ගොඩනැඟිය යුතුය. ශරීරය සැකසී ඇති  අදෘෂශ්‍යමාන සංඝටක (Qi - අභ්‍යන්තර ශක්තිය-මෙය විවිධ අයුරින් නිර්වචනය කරනු ලැබේ.) ඒ සමඟම  ගොඩ නඟනු ලැබේ. (සෑමශරීරයකම -ඉන්ද්‍රියකම මෙම දෘෂ්‍යමාන - අදෘෂ්‍යමාන ස්වරූපය පවතී. එය මිනිස් ඉන්ද්‍රියය පද්ධතියට සාපේක්ෂ වේ. ) 


මෙතෙක් එය ගොඩ නැගී ඇති තත්වය තුල (චිත්ත ශක්තිය) නම් ස්වභාවය පවතී. එය යී ගොන්ග් - Yi Gong හෙවත් භාවනාව (Meditation) මගින් වර්ධනය කළ හැක. එම වර්ධිත ස්වභාවය (මිනිස් කායික ස්වරූපය) බාහිරය සමඟ (සමාජය හා පරිසරය) සිදු කරනු ලබන සම්බන්ධය මහ එයට මඟ පෙන්වීම (චීන සටන් කලා දර්ශනය) Zhen හෙවත් ආත්මීය ස්වරූපය වේ. මෙය පුහුණුව - දර්ශනය තුල වර්ධනය කල යුතු වේ. මෙය ජීවිතයයි.


මෙම ලිපිය උපුටා ගැනීමේදී සමස්ත ලංකා වූෂු සහ චිගොන්ග් සංසදයේ බ්ලොග් අඩවියෙන් උපුටා ගන්නා ලද බව සඳහන් කිරීමට කාරුණික වන්න. එසේම වෙනස් අර්ථයන් ඇති වන සේ මෙම ලිපි වල කොටස් උපුටා පළ කිරීමෙන් වලකින්න.








1 comment:

  1. It is very good opinion that you start a blog on this subject. Wish you good luck!

    ReplyDelete